Friday, March 25, 2011

මල් (වඩම්)



උපන්  දා සිට
එකිනෙක පසු කරන් ආ.,
කඩඉම් ළඟ....,
සුභ පැතුම් සුවඳ ගෑ,
මිල අධික මල් පොකුරු.,
දියකර කාසි නෙත පිනවූව....,

මියෙන දා අතැර මගේ සිලු දේ
උවමනා නම් දැකගන්න අවසාන වතාවට.,
ඉතින් ඇවිදින් යන්න
මගේ මලගමට
හිස් අතින්....!උවමනා නෑ,
මල් වඩම්!

1 comment: