Thursday, March 10, 2011

ගස - Tree ("සල්ගස යට" - රත්න ශ්‍රී විජේසිංහ)

ගස - Tree ("සල්ගස යට" - රත්න ශ්‍රී විජේසිංහ)



ගසක් නම් ඉහලට වැඩෙයි.
සැඩ හිරුට නොබිය ව  මුහුනදෙයි.
බහල පෘථිවිය විනිවිදියි.
දිය සොයාගෙන මිස නොනවතියි.
ගිමන් කළ හාමත් ව යයි.
කොළ දලු සලා
නිහඩව හිඳියි.
එහෙත්, ඒ නිෂශ්ශබ්දතාවෙහි
අධිෂ්ඨානය කැටිගැසෙයි.
පොළෝ ගැබ සංචිත ව යෙයි.
වැලක් දුබල ව වැද හෝන සඳ
වාරු කොට දෝතට වඩියි.
දහක් සිරසට ගිම්හානයට
සෙවන වී සිසිලස සදයි.
නැතක් දුක් මැද සෘජුවසිට හර සොය සොයා අරටුව තනයි.
බිඩලු ගලවලා බලත්
හර මිසක බොරු නැති බව පෙනෙයි.
ගසක් නම් ඉහලට වැඩෙයි.
සැඩ හිරුට නොබිය ව  මුහුනදෙයි.
අඳුර පිළිකෙව් කරයි.
සඳ එලියෙනුදු සෑහී නොනවතියි.
මලක් සිරසෙහි පැළඳ මිස
කිසි දාක සැනසෙන්නේ නොවෙයි.

2 comments:

  1. මේක ලංකා සමසමාජ පක්ෂයට ලියපු කවියක් කියල තමයි දන්නෙ!

    ReplyDelete
  2. මගේ කැමතිම කවියක්.....

    ReplyDelete