Thursday, April 7, 2011

(පරා)ජය



අයිතිකරුවෙකු නොමැති
කඳුල දැන් ඉවසපන්.,
කිරුළ නුඹ දිනන දා,
නෙත් අගින් වැටීයන්..

රන් කිරුළ අහිමි නුඹ
අත්නෑර උන් එවුන්,
හදවතේ ඉසව්වක
පරිස්සම් කරගනින්..

දිනන දා කිරුළ නුඹ
සුභ පැතුම් රැල් මතින්,
හදවතින් එන පැතුම්
හදින් හඳුනා ගනින්....

නිමිත්ත:
ක්‍රිකට් ලෝක කුසලනය ශ්‍රී ලංකාවට අහිමි වීම හමුවේ ජාලගත කරන ලද ලාංකීය ක්‍රිකට් කණ්ඩායමට ගරහමින් සැකසූ ලිපියකට අයෙක් මෙසේ ප්‍රථිචාර දක්වා තිබුනි.,

"ජයග්‍රහනයට පියවරුන් සහසක් සිටී. නමුත්, පරාජය අවජාතකය" !!

No comments:

Post a Comment