Tuesday, April 12, 2011

සුන්දර නව වසරක් වේවා!!




කොහා නෑඩුවත්, ඔන්චිලි නොමැති උනත්
අවුරුදු දා කිරිබත් සුවඳයි නගරෙත්
බාලේ අලුත් ඇදුමින් හිත විඳි මිහිරත්
වෙනසක් නැතුව නොදැනෙද අදටත් තාමත්....

මුහිනින් - මුහුනෙ ඇඳි හසරැල් මල් ගානේ
හදකින් - හදේ පිපි සුභ සිතුවිලි ගානේ
පැතුමන් පැතු සහසක් සිත් එක යායේ
මේ සුභ පැතුම් නව වසරේ ආලෝකේ....

සඳට වගේ සැනසුම නිති හිමි වෙන්නයි
ඉරට වගේ සැමදා ජය හිමි වෙන්නයි
සිතූ සිතුම්-පැතූ පැතුම් ඉටු වෙන්නයි
මගේ පැතුම ඔබෙ දිවියම සරුවෙන්නයි....

සිනහව,සෙනෙහෙ නිති ඔබහට හිමි වේවා!
දියුනුව, දිරිය සැමදා ඔබ ළඟ වේවා!
ලැබු නව වසර සුන්දර වසරක් වේවා!
ඔබටත්,පවුලෙ සැමටත් කිරි ඉතිරේවා....!!

No comments:

Post a Comment