Monday, April 11, 2011

(පහන්) පහන්



නිවෙන දැල්වෙන පහන් අතරේ
පැතුම් කෙතරම් දිලෙනවද
මුවින් ගිලිහෙන නිවුනු ස්වර වැල්
හදේ පැතුමන් කියන කල

නැවතුමෙක එක ඇසිල්ලක් ගෙන
බෝමලුවෙ වැලි කැට අතරෙ හිඳි
ඇසිල්ලත් දිග ඉසිඹුවක්මය
රිදෙන පෑරෙන දිවියකට

No comments:

Post a Comment