Tuesday, March 1, 2011

ඇත්තමයි... මම වාසනාවන්තයි... ඒ ඔබ නිසයි!!



මගේත්, හර්ෂ අයියාගේත් හිත්වල එකිනෙකාට හොරා ආදරය පිලිසිඳෙමින් පැවති කාලයයි. එමෙන්ම, හෙරන්ත මේධාගේ හිත ගැනීමට ඇයගේ හිතේ සියුම් තැන් වලට පනිවිඩ යවමින් උන් කාලයයි. මේධාත්, හෙරන්ත අයියාත්, හර්ෂ අයියාත් එකම පංතියකත් මමත්, නිමල්කාත් එක් පංතියකත් ඉගෙනුම ලැබූවෙමු. ඔවුන්ට නිදහස් කාල ඡේදයක සාප්පු සවාරියක ගොස් තිබුනේ, අපට ප්රායෝගික පුහුණු පාඩමක් කාල ඡේදයේ තිබූ බැවින් අපට විද්යාලයේ රැදඳීමට සිදුවිය.
 “Teddy Bear ලට ආසද?”  එදින බසයේදි හර්ෂ අයියා මගෙන් ඇසුවේය.
 මමඔවු” යයි කීමි.
 උන්ව තුරුල් කරන්ද නිදා ගන්නෙත්?”  ඔහු  හිනැහෙමින් ඇසුවේය.
අපෝ නෑ හි හී හී” මමද  හිනැහුනෙමි.
  ඔහු මුවග මද සිනහවක් ඇතිව, කවුලුවෙන් පිටත ඇති යමක් දෑස යොමා ගත්තේ කල්පනාවට වැටෙමිනි.
 පසුදා උදෑසන මේධා මාහට කීප වතාවක් නවා, හොඳින් ඇලවූ ලියමනක් දුන්නාය.  එය ලියා තිබුනේ මටය. එහි එක්තරා ඡේදයක මෙසේ සටහන්ව තිබුනි.
ලස්සන ලොකු Teddy Bear, රුපියල් 3,000.00ක් විතර, මං ලස්සනයි කිවුවම අතේ සල්ලි තිබුනනම් අරං දෙනව Promiss කිවුවා. මට කවදාවත් ආදරේ වගේ ආදරයක් ධම්මික අයියගෙන් ලැබුනෙ නැහැ ගීතාංජලී…. ඒ ආදරේ තමා මං හෙවුවෙ. පේනතෙක් මානෙ මං හෙව්වදේ තියෙද්දි, මට බැහැ ඒකට පයින් ගහන්න”
_____________________________________________________________________________________
එදා උදේ  කාල ඡේදයට නියමිත දේශනය ඇරඹූමට තවත් වේලා ඇති බැවින් මමත්, මේධාත්, නිමල්කාත් දේශන ශාලාවේ මැදිපෙලක අසුන්ගෙන කාලය කාදමමින් උන්නෙමු. අද මේධාගේ උපන් දිනයයි. උදෑසනින්ම අප ඇයට සුභ පැතූවෙමු.
“මට ඔයාලට බඩුවක් පෙන්නන්න තියනවා”
මේදා නොඉවසිලිමත්ව පැවසුවාය.  ඉඟිමරන ඇයගේ දෑස සතුටින් පිරී ඇත. මුවග රුවැති සිනහවක් පිපී ඇත. ඈ අපට කුඩා එකකු සේ ඇය හෙරන්තගෙන් ලද උපන්දින තයාගය පෙන්වූවාය. එය ලස්සන, සුරතල් පෙනුමැති, සෙල්ලම් වලසෙකි. රෝස පැහැ සිනිඳු ලෝම පිරී තිබූ එහි, කරෙහි ලා කහ පැහැ පීත්ත පටියක් රඳවා තිබුනි. තවද ඔහුගෙන් ලද සුභ පැතුම් පත ඇතුලු කුඩා, කුඩා බොහෝ දෑ අපට පෙන් වූවාය.
 හර්ෂ අයියාට මාගේ උපන් දිනය මතක තිබුනේවත් නැත. මා එය දෑසේ කඳුලු පරවාගෙන ඔහුට මතක් කරදුන් විට අසරන ලෙස සිනාසී, මගේ සුරත දැඩිව අල්ලා ගත් ඔහු මට  සුභ උපන් දිනයක් පැතු අයුරු මට සිහි විය. සිහින් කඳුලක් නෙත පුරවන්ට තැත් දරද්දී මම අසරනව නිමල්කා දෙස බැලුවෙමි. ඇය සිත අඳුනන්නි ,මෘදුව මා අත අල්ලා නිහඩ විය.
හෙරන්තත් මේධාත් හරිම සතුටින්. ආදරේ හරිම සුන්දරයි. මේධාගෙ හිත රිදෙද්දි, හෙරන්ත සැනසුව. ආදරය බලන කෙනෙක්ට උනත් දැනෙන තරමට ඔවුන් සතුටින්…
හර්ෂ අයියා මුරණ්ඩුයි. නමය්යශීලී බව අඩුයි. සතියකින් දවස් දෙක තුනක් මං එක්ක අමනාපෙන්. මං දුකින් . ඒත් ඔහුට වගක් නැතුවා වගේ උන්නා. ඒත් පුදුමාකර විදියට මම ඔහුට ආදරය කරනවා.  සියුමැලි සුමුදු රෝස පාරක නොවුනත්, අපිත් ඇවිදන් ආවා. අත්වැල් පටලාන නොවුනත්, ඔහු මා ළඟත් - මා ඔහු ළඟත් බව දැනගෙන!
__________________________________________________________________________________
 අද, අවුරුදු හතකට පස්සෙ, මේධා මට දුරකථනයෙන් කථා කලා. කටහඬ ඇයගේ බි ඳෙමින් තිබුනා.
මං ඇහුවාඅනේ එහෙම කොහොමද උනේ?”
ඉකිබින්දා.
 “අනේ ඔයා කොයිතම් නම් වාසනාවන්තද?”
  ඉකිබිදඳුම් අතරින් මිමිනුවා

1 comment:

  1. ආදරේ සුන්දරද මෙතරම් කියල කෑ ගහන්නේ එක තමයි නේද!!

    ReplyDelete