**මාතු පාදං නමාමී - රත්න ශ්‍රී විජේසිංහ
මාතු පාදං නමාමී
මාතු පාදං නමාමී
සොහොන පාමුල
පැන් වැඩූ තැන
බිම බලාගත් නාගහක් ඇති
කාත් කවුරුත් නැතැයි
හිතුනම
නාගහට දුක හිතෙනවා ඇති
සුළඟ ඇවිදින්
සැර පරුෂ ලෙස
බිමදමනවිට නාමලක පෙති
මගේ අම්මා
එදා වාගෙම
නොපෙනෙන්න මට - හඞනවා ඇති
**නිර්මාණයට එහි අයිතිකරු යොදා තිබූ නම
'මාතු පාදං නමාමි' ම දැයි කියා මට නිවැරදිව කීමට
මතකයක් නැත.
ඒ මා එදා එය සටහන් කරගනිද්දී
එහි නම මඟහැරී ගොස් ඇති බැවිනි.
රත්න ශ්‍රී ගේ පැරැණි කවිනම් ඔක්කොම වගේ කියවල තියෙනව. මීට සමානම අදහසක් මතකයි. ඒක මෙහෙමයි ලෝකයේ සුන්දරම අහස ඇත්තේ අම්මා නිදන සොහොනට ඉහළිනි. වචන හරියට මතක නෑ තියෙනවනම් හොයල දාන්න ඒ කවියත්.
ReplyDelete