මේ වැස්සට මම ආදරය කරන්නට පටන් ගත්තේ කවදාදැයි නිනවු නැත. සමහරවිට ඒ මා මේ ලෝකයේ පැහැය මුල් වරට දුටු දා වන්නටත් පුලුවන. මූසල අලු පාටට හිරිකඩ පොරි ඉහිමින් වැටෙන වැස්ස දෙස අත් පා ගුලි කරගෙන, හිරිකඩ ස්පර්ශයෙන් පෙඟෙන කොපුල් ඇතිව ඒ දිහා ඔහේ බලාඉන්නට මා හැමදාම ලෝබ විය.
ජීවිතය මේවගේ වෙන්නට ඇත. සීතල ඉවසමින් ඒ තෙත හිරිකිතට මුහු වී එන අලස රස උරා බොන්නට මා ලෝබ වෙද්දී. මේ ලෙසම හිරිකිඩ හී සරින් පහරකමින් ඉන් හෙම්බත්ව ඇති මනුසතුනුත් තව බොහෝ ඇති.
කවුලුවෙන් එකවරම ඇදී ආ දඟකාර හිරිකඩ පොදියකින් හිසකෙස් මත පිණි රටා මවද්දී මා හුන් තැනින් නැඟිට්ටේ හදිසියේ පෙරදින හැන්දෑවේ පොත් සාප්පුවක එල්ලී තිබූ දැන්වීමකට අනුව මගේ සිහින රස්සාවට අදාල අයැදුම්පත පිරවීමටය.
මොහොතක් මා සන්තකව ඇති වටිනාම වස්තුවැයි මෙතුවක් සිතා උන් ඇඳමත විසිරී තුබූ ඒ ඝණ කඩදාසිය දෙස මා බලා උන්නෙමි.
ජීවිතයේ විශාල බලාපොරොත්තු නොවු මට මේ සහතිකය මහමේරුවක් උනේ ඇයිදැයි අදටත් මම කල්පනා කරමි. ඒ කඩදාසිය මත ලියැවෙන අකුරු හරහා මම ජීවිතයේ හෙටදවසට හැඩයක් දෙමින් ඉඳිඳ්ඳී හදිසියේ වට ආනෝරා වැස්සක් සේ හදවතේ හිරිඟඞු පුප්පමින් හදවත මතට වැටුනු ඒ හිරිකඞට මා බැඳුන හැටි!
පළමු වතාවට ඒ විද්වතුන්ගේ මේසයේදී ඔවුන් මුනගැසෙද්දී මම අදහස් හා අත්දැකීම් අතින් පමනක් නොව වයසින්ද කුඩා වූවෙක්මි.
'සහතික' එකිනෙකා අතරේ දෝලනය වෙද්දී, අයෙක් අනෙකා හා රහස් කොඳුරද්දී, කෙනෙක් ගාමභීර උපැස් යුවලට යටින් විමසිලි බැලුම් හෙලද්දී මම ආගන්තුකව තනිවී උන්නෙමි.
"ඔයා හොඳයි"
"වැඩිම ලකුණු ගත්ත 30දෙනා අතරෙත් ඉන්නවා"
"ඒත් මේ වෘතතීය සුදුසුකම් දෙන සහතිකේ අපි ගැසට් කරපු දවසට වලංඟු නෑ"
"ඔයා පොඩි දරුවෙක්නෙ ඊළඟ වතාවෙ උත්සහ කරන්න"
මා සිනාසුනෙමි. ඒ පිළිතුර මා බලාපොරොත්තු ඌවක් බැවිනි. බලාපොරොත්තුව හීනයක් වී හදවතේ කොණක ලැගුම් ගෙන ජීවිතයට ආදරණීය යැයි හඟවද්දී මම බලාපොරොත්තුවෙන් ප්‍රබෝධමත්ව උන්නෙමි.
ඉන් වසර තුනකට පසුව අහම්බෙන් ආ ඒ ලියමන හදවතේ මඟ රැදී බලාඋන් බලාපොරොත්තුවට අලුත් හුස්මක් ගෙනෙද්දී මම යලිත් හෙට දවසට සුදානාම් උන අයුරු පිළිබඳ මතකය හදවත පහුරුගාමින් රිදවන්නට විය.
ආශාව හදවතේ ඉපදුන දා දැනෙන හැඟීම, බලාපොරොත්තුවේ කඩඉම් ළංවන විට දැනෙන නොඉවසිලිමත් කම, පරිස්සමට දුටු හීනය හැබෑවෙතැයි ඉඟි ලැබෙද්දී දැනෙන මිහිරියාව.....එකපෙලට හිත අවුස්සද්දී මා උදම් ඌ හැටි.....
අලුත් කඳුලු නෙත් පුරවන්නට තනද්දී මා අතීතයේ අතරමං වී උන්නෙමි.
"ඔහ් ඔයාගෙ සහතිකේ මේ ගැසට් එකට වලංගු නෑ. හොඳම ලකුණු තිබ්බ හංදයි කතාකලේ, ඒත් අපිට කරන්න දෙයක් නෑ..., ලියුමක් ගේන්න මේ ආයතනයෙන්... මේ සහතිකේ වලංගුයි කියල. රජයේ ආයතනෙන් නම් දෙනවා, නැත්තං ඔයාට හරි අසාධාරනයක් වෙන්නෙ"
මිලින වන පැතුම් පොදිගන්නාගෙන අකුරුවල පිහිට පතා හිත අසරණ වෙද්දී, අකුරු වලින් ඒ ප්‍රාර්ථනා ප්‍රතිකෂේප වෙද්දී, කඳුලු හදවතේ ඳුක සෝදන්නට ඇවිත් තිබුනි.
කෙනෙකු අකැප අකුරු හරහා නුසුදුසු මාලිගාවේ සුදුසුකම් ලබද්දී කැපැයි කී සුදුසුකම් බොල් හුළඟේ ගසාගෙන ගියයුරු කවුරුවත් දකින්නට නැත.
***************************
අලුත් ගැසට් එකක්, අලුත් විභාගයක්, අලුත් සම්මුඛ පරික්ෂනයක් අතරට මෙවර අලුත් සුදුසුකමක් ඈඳී තිබෙනු දකිද්දී හදවතේ ඔත්පලව පනගැසූ බලාපොරොත්තුව එල්ලා මරන්නට හිත තීරණය කරන්නට ඇත.
අලුත් සුදුසුකම නොසැපිරූ නිළධාරීන් නවක මල්කැකුලු තලන්නට ඒ සුදුසුකම යොදද්දී, අසරණවු හිත වාන්දමා නෙත් අගින් වෑස්සෙන්නට පටන් ගති !
"නැද්ද ඒක හරිගියේ"
"නෑ"
"මටනම් හරිගියා, මධ්‍යම ආණ්ඩුවට. මං හිතුවෙවත් නෑ ලැබෙයි කියලා"
"හ්ම්හ්..ලකුණු කීයද, විශයට තිබ්බ විභාගෙට"
" 34යි."
"පාස් මාර්ක් එක 40නෙද?"
"ඔවු,ඒත් දන්නැද්ද"
" හ්ම්හ්, ඒක ඇත්ත! මට තරඟ විභාගෙට, ලකුණු 124යි."
*************************
කඳුලු කැට නෙත් තෙමද්දී අලුතින් දැනුන සීතලට හදවත හිරිවැටෙද්දී මා ඇඳමත වාඩිඋනෙමි. රස්සාවත් , හීනයත් අද මම මරාදමමි!.
කරන්නට පුලුවං උපරිමය හමුවේ හෙම්බත් වූ හිතට තරවටුකලෙමි. දැන් ඇති !
තවත් මේ වෙනුවෙන් තැවෙද්දී හෙට දවස ඔත්පලවනු ඇත!
සහතිකත්, අයැදුම් පතත් අතරින් නොපිරවූ අයැදුම් පත ගෙන සීරුවට නවා, කවරයට බහාලූ මම, එය පරිස්සමට මගේ අත්බෑගය තුලවූ රතුපාට දිනපොතේ පිටු අතර මිහිදන් කලෙමි.
"අම්මා ඇහුවොත්... මං කියනව මේපාර Application එක
Reject වෙන්නැති කියලා"
යලිත් ඒ පෙඟුනු කවුලුව අසල පුටුවට බරදුන් මම හිරිකඩත් සමඟ එක්වී අලුත් හීනයක් සොයන්නට වීමි
මෝඩ නීති සහ ඒවා සාදන විධායකයන්, ඒවා ක්‍රියාත්මක කරන මැටිමෝල්ලුන් සිටිනා තාක් කල් සුදුස්සාට ලැබෙන්නේ ඔතනය..
ReplyDeleteමේ කොයි රටේ එක්කෙනෙක්ගෙ කතාවක්ද? ලංකාවෙනම් ඉතින් හැම තැනටම සුදුස්සොනො පත් කරල තියෙන්නෙ.
ReplyDelete