Thursday, September 8, 2011

කතන්දර හුඟක්


ඇයි ඉල්ලාගත්තෙ 
මගෙ හිත
කලින්ම නොඉල්ලා පිටපතක්
'තාරුකා' සටහනෙහි

දින, සති, මාස 
අවුරුදු වෙනකල්
කැටයම් 'කැපූ' හදවතට
උවමනා ඇයි තව
අලුත් 'ලියවැල්'

නුඹ 
මල් පොකුරක
උපන් 'ඵලයක්'
මම 
මල් පොකුරක
තවත් එක මලක්

මම
බයයි
මේ දැනෙන
හීතල හුළඟට

අර 
ඈත 
හුළඟ හා හාද
කුණාටුව වත්ද?

මම
බලා 
ඉන්නද 
කඩං වැටෙනකල් 
'තරුවක්'

1 comment:

  1. තරු පායන්නේ‍ හෝ කඩා වැටෙන්නේ තමන්ගේම හිත තුළයි..

    ReplyDelete