සිනාසෙන සඳ නුරා අහසට
කෝල තරුකම් මවද්දී
පුරා සිතලඟ කවියකට පද
නුඹේ උරමත නිදද්දී
පපුතුරේ හිඳ දෙනෙත් අද්දර
ආදරේ කවි මැවෙද්දී
පියාගමි මම මොහොතකට නෙතු
දයාබර හිත ගැහෙද්දී
ඇසිලක ඔය සුරත් පහසින්
තුරුල්ලේ සුව සැදෙද්දී
නොකිවු වදනින් සවන් පුරවමි
හැඟුම් මල් මුතු සැලෙද්දී
නිහඞ උවනත දකිමි මම ඔබ
නිසල නෙතුකැන් පිපෙද්දී
හෙටක් ඉද්දර සිනාසෙමු අද
පැතුම් මල් වැහි වහිද්දී
යන්තං ෂේප් වගේ...:D
ReplyDeleteඑහෙනම් මීට පස්සෙ වෙන දේවල් ගැනත් ලියවෙයි :)
ReplyDeleteලස්සන කවි පෙලක්...
ReplyDelete