Friday, September 30, 2011

කඳුලක් වැටුනට පැරදුමමද ඒ



පිණි වැස්සක් යට ඉන්නේ කොහොමද
හදවත තෙමෙද්දි සිරි-සිරියේ
හෙවනක උණුහුම අපිම හොයාගමු
හෙට දවසක් ළඟ මැවු හීනේ

මදසහ කැන්දන සුවඳ වදන් ළඟ
කොහේද පැතු ඒ අනාගතේ
කඳුලක් වැටුනට පැරදුමමද ඒ
සවිය සදාගමු කඳුලු දිගේ

කෝල කතා ළඟ ආල නුරාවට
නැමෙනා සිතුවිලි තාම තියේ
මොහොතක් විඳගමු ජීවිතයේ රුව
බොළඳ වදන් නැති සෙනෙහෙ විලේ

රිදෙනා හදවත සනහාගමු අද
ප්‍රර්ථනා මහමෙරක් පිපේ
සුවඳ සදන්නට රෝස කුසුම් නැත
සෙනෙහස දැනෙනා හිතක් ඇතේ

4 comments:

  1. ඕනෑවට වඩා බලාපොරොත්තු ඕනිම නෑ. ළඟාවන දේ පිළිගැනීමට හැකි විය යුතුයි.
    ලස්සනයි කවිය....

    ReplyDelete
  2. අගේ ඇති අදහසක්. ගීතවත් කවියක් !

    ReplyDelete