Friday, September 9, 2011

තවමත් තාත්තේ



වැහි කලුව ඉහ ළඟින්
අඳුරු රූ මවන සඳ,
පියාඹන කාලයට
ඉටිපහන් සැලෙනවද?
සොහොන් බිම හීතලට
තාම හිත ගැහෙනවද
පෙර දිනක විඳි තුරුල
එහිත ළඟ අඞනවද?
නිහඞ හදවත ළඟම
කඳුලු කැට බිඳෙන සඳ
අහසටත් වඩා උස
හිත තවම තෙමෙනවද?
පණගහන පැතුම් ළඟ
ජීවිතය සැලෙන සඳ
ආදරය පොඩිත්තක්
හුළඟ අත එවනවද?
මල් වඩම් කෝ....කොහෙද
දේදුන්න වියනවද?
වාරුවක් වී ඉන්න
හීනයක එතෙනවද?
තාත්තේ, මගේ හොඳ,
නිසංසල කොපුල් මත
වැටුන ඒ කඳුලු බිඳ
තවම ඔබ රකිනවද?

2011/09/10

1 comment:

  1. ඕනෑවටත් වඩා හැඟීම්බර වීමක් කියල හිතෙනව..
    කිසිවක්ම සදාකාලික නොවීම පවතින විදියයි.

    ReplyDelete