ගැලපීම සහ නොගැලපීම අතර මම හිරවෙලා.
ජීවිතය ගැන බොහොම අසුභවාදී ඉදිරි දැක්මක් සැරින් සැරේ නිතරම වගේ හිත මහා ලොකු බයක ගිල්ලවල ආයෙ උඩට අරගන්නව. ආයෙමත් මොහොතකින් ඒ ඟැඹුරු වතුර වලේ හිත ගිලෙනව.
මම විශ්වාශ කරනවද නැද්ද කියන එක පවා මට අවිනිෂ්චිතයි. සමහර විට ඇත්තටම මගේ යටි හිත ඒ ගැන විශ්වාෂ කරනබව පිළිගන්න මගේම උඩු හිත දෙගිඩියාවෙන්.
අපි ගොඩක් වෙලාවට තීරණ ගන්නෙ ඒ වෙලාවට අපේ හිතේ නැත්තං මොලේ වැඩකරන පිලිවෙල අනූව. ඒ හංද තමා බොහොම සතුටින් හරි කේන්තියෙන් හරි වගේ සංවේදී වෙලාවල තීරණ ගන්න එපා කියල කියන්නෙ.
කාට නමුත් පුලුවන් තව කෙනෙක්ගෙ හදවතට වැලි රිංගවන්න. ඒ වැලි කැට අපි අපේ හිතේ නතරකර නොගත්තට, ඒව පිහදාල දාද්දි පවා ඇතිවෙන සියුම් හීරීමක් හිතේ කොහේ කොහේහරි ඉතිරි වෙනව නේද. කවදාකම හරි ටිකක් සැර වචනෙකින් වත් වැදෙන පාරක් උනත් ඒ සීරුම පාරවන්න ඉඩ තියෙනව. ඊට පස්සෙ තුවාල පෑරෙන වාරයක් පාස අර වැලිකැට මතකෙට එන එක වලක්වන්න පුලුවං වෙයිද.
විවාහය කියන්නෙ අපිට උත්තරීතර බැඳීමක්. පිළිගන්න සිද්දවෙනව ආදරය පවා ඒ විවාහය ළඟඳි සමහරුන් සමහර වෙලාවලදි පරාද කරල දාන වග. කෙනෙක්ට ආදරේ කරන තාක්කල් සමහරවිට හොයන්න උවමනා නොකල හෝ ආදරය විවාහයෙන් කෙලවර කරන්න යද්දි ගැලපීම් හොයන්න යන එක කොයිතරම් දුරට සාදාරනද කියල හිතන්න තරම් මට පරිණත මනසක් නෑ වෙන්නැති.
"ආදරය කලානේ එහෙනම්ඔඔන්න ඔහෙ බන්දල දෙමු."
සමහර අය ගැලපීම් නොගැලපීම් අන්තිම තප්පරේදි හොයාගෙන ඒ සම්බන්දවලට ඉඩදෙන්නෙ දවසක පාවිච්චියට ගන්න උල් ආයුදයක් වගේම අවසානෙ අත් පිහදගන්න සුදු ලේන්සුවක් කියන දෙකම තමන් සතු කරගන්න ගමන්.
මිනිස්සු කියන්නෙ දෙවියන් නෙවෙයි. ඒත් මිනිහෙක් ඇතුලෙ ඉන්නව එක්තරා යක්ෂයෙක්. ජීවිතය පුරාවට ලැබෙන හැම පුංචි අසවස්ථාවක්ම එකතුකරගෙන දවසක ඒ යක්ශයා ඉපදෙන්න බලාගෙන ඉන්නව. හැමෝම ඉහල මනසක් ඇතුව උපදින්නෙ නෑ මිනිහෙක් උන පලියටම.
"මම ඉවසනව, මට තේරෙනව, මේ මිනිස්සුන්ට පිස්සුනෙ"
කියන ඕනෑම සුදු චරිතයක් ඇතුලෙ ඉන්න කලු අලු චරිතෙ ඇහැරවල ගන්න අර උල් ආයුදේම ප්‍රමාණවත්.
එක පාරක් ඇනුම් කෑව මනුස්සය දෙවන තෙවන පාරකදි හිතෙන් බිඳවැටෙන එක නවත්තන්න පුලුවං වෙයි ඉතාම උසස් මානසික එකාග්‍රතාවයක් තියන කෙනෙක්ට. ඒත් සැරින් සැරේ උල් ආයුධයෙ ඡායාව මවල පෙන්නද්දි හිත හයිය කරගන්න හැමෝටම පුලුවංද.
ගැලපීම් පවා නොගැලපීම් වෙන අවස්ථාවක පිහිටට කවුරුත් ඉඳීද.
මගේ ජීවිතේ ගැන පවා තීරණයක් ගන්න සුදුසු වටපිටාවක් මං වටේ නැති කොට මට පුලුවංද හිතට හුඟක්ම සමීප හිත එක්ක සෙල්ලම් කරන්න. මං නිසා ඒ හිත විනාශ කරල දාන්න. කලින් භවයක මම වැරදි කරපු පවට මට පුලුවංද ඒ හිත ට දඞුවම් විඳින්න මං එක්ක එකතු කරගන්න. මට පුලුවංද ජීවිතයක් එක්ක දැන දැන සෙල්ලම් කරන්න.
මං දන්නව මං කරන්න ඕන හිත හයිය කරගෙන අනාවැකි බොරුකරන එක. ඒත් පැත්තක ඉඳන් විඩින් විඩේට ඇඟිල්ලෙන් ඇනල මතක් කරල දෙන උල්ම උල් ආයුධය තාම ඒ තැනම.
මට උවමනා දේ හිතේ නළියද්දි ඇස් වලින් කඳුලු පයින්නෙ අහේතුවකටද?
මේ වචන හරියටම මගේ මනස වගේ. දැං මගේ හිත ඉන්න තත්වෙ වගේ. ගැලපීමක් නැහැ. පැටලුන නූල් බෝලයක් වගේ!
හරි මඟ දනීනං..යන හැටිත් දන්නවානං.. මොකට කෙල්ලේ බැද්දේ රිංගන්නේ ..? අතරමං උනා වගේ... කියලා කව්දෝ වෙනස්ම විදියකට කියලා තිබුනා මට මතකයි...
ReplyDeleteසමහර තීරණ ක්ෂණීකව ගන්න වගේම..සමහර තීරණ ටිකක් කල් යන්න ඇරලා ගන්න ඕන..හුඟාක් වෙලාවට අපේ නොයිවසිල්ල නිසා අපි ප්‍රශ්න අනා ගන්නවා... මං මගේ ජීවන අත්දැකීම් මත පිහිටලා කියන්නේ නංගි... කාලය කියන්නේ ඒනම දේකට හොඳම විසඳුම සහ ඕනෑම තුවාලයකට තියෙන හොඳම ඔසුව... දැන් මේ ලියන වෙලාවෙත් මට ප්‍රශ්න ඕන තරං තියෙනවා... සමහර ඒවා නිසා මං ඉන්නෙත් කැළඹිලා.. ඒත් මං දන්නවා තව අවුරුදු දහයකින් මං අද ගැන හිතලා මටම හිනා වෙන බව..මොකද දැනට අවුරුදු දහයකට කලින් මං හදිසියට කරපු දේවල්වලට මං දැන් හිනා වෙන නිසා..එදා එච්චර කලබල උනේ මොකටද ඒ වගේ ප්‍රශ්නෙකදී මම? දැන් මට හිතෙන්නේ එහෙම...
කරුණාකරලා ඉවසන්න... සමහර දේවල් ගැන හිතන්න හිතන්න අවුල් වැඩියි..භාවනාවකට යොමු වෙන්න එය තමා හොදම දේ දැනට...
හදවතට වැලි දාන්න බෑ කාටවත්. වැලි දාන්න පුඵවන් මනසට විතරයි. මේ දෙක දෙකක්. ඒ වගේම ආදරය පරදින්නෙ නෑ කවදාවත් ඒක හදවතේ දෙයක් නිසා. පරදින්නෙ මනසින් පාලනය වෙන මිනිසායි.
ReplyDeleteමාරයා කිව් ලෙසම හැම දෙයක්ම කාලය තමයි විසඳන්නෙ. විසඳුම වගේම ඉක්මවා යාම, පරිනත බව ගෙන එන්නෙ කාලයයි. අතීතයේ සිටි අපිටම හිනා වෙන්න වෙන මොහොතක් අප වෙත එළඹෙනව.