Friday, July 8, 2011

රෑ (මන)මාලි



වැහි කඳුලු - මුතු පබලු
සුසුම් වැල් තවරගෙන
සීරුවට වැටෙනකොට
නිහඞ ඇයි රත් දෙතොල

පියාඹන වැහි ළිහිණි
කුණාටුව ගෙන ඒවි
මුවාකරගන්න හිත
වළාකුලු නැති වේවි

පරඞලා පත් වේලි
නුඹේ උන් මියැදේවි
රකින්නට ඒ සුසුම්
ඔය කාසි මදි වේවි

ගින්දරට පිච්චිච්චි
යහන් මත දිය වෙච්චි
සිරුරු වෙන්දේසියේ
ප්ලැටිනම්ද ඒ කාසි

No comments:

Post a Comment