Tuesday, July 26, 2011

විඳිමි



මදනලට පෙම්බඳිමි
ඔය සුවඳ එහි සොයමි
පුරුදු රුව නෙතු නොගැටි
මොහොතකට සසලවෙමි

අකුරු කල පොත් අතරෙ
අතීතය යලි විඳිමි
ලියු පදවැල් පැහැය
මැකීයන යුරු දකිමි

දොඩමලුවු හිත හොයමි
හැඟුමන් සරෙන් පිබිදි
කාලයේ තාලයට
ජීවිතය කවිකරමි

මගබලන නෙතු තෙමුනි
ආදරය මම විඳිමි
ඔබේ වරදක් නොවේ
කාලයට එරෙහි වෙමි

ආදරය මම විඳිමි
මගබලන නෙතු තෙමුනි

No comments:

Post a Comment