Friday, July 15, 2011

අඞන්න එපා! (ඒත්....)



"අඞන්න එපා!"

හ්ම්....

අඞන්න හදද්දි කවුරු උනත් කියන්නෙ ඕක තමා. එකම වචන දෙක එක එක විදියට.

ආදරෙන්, දුකෙන්, කරුණාවෙන්, තරහින්, අවවාදයක් විදියට එහෙමත් නැත්තං සමච්චලේට වෙන්නත් පුලුවං. ඒ කොහොම වෙතත් කියන්නෙ "එපා" කියලනෙ.

පුංචි එකෙක් අඩද්දිනෙ වැඩේ. නළවන්න, සනසන්න කීදෙනෙක් කියලද? ටික, ටික 'උස යද්දි' ඒ කඳුලු වෙනස් උනාද? එතකොට කියන්නෙ "එයා හදන්නෙ අඞල දිනන්න"

අඞන්නෙ දිනන්නද?

එහෙම අය නැතුවම නෙවේ තමා. පුංචි දේටත් කඳුලු එන්නේ සංවේදී ඈයොන්ට විතරක්ම නෙවේනෙ. සමහරු හිතල හිතල එලියට දාගන්න කඳුලු හරි ගනන් වෙලාවකට.

ඒ කඳුලුද?

ඔවු! එවුවා තමා 'කිඹුල් කඳුලු' කිඹුලො අඞනවද? ඒක මම කොහෙත්ම දන්නෙ නෑ.

හිතෙන්ම එන කඳුලු වලටත් කිඹුල් විශේෂන එන්නෙ අර ගොම බිංදුවෙ කතාව වගේද?  අර කිරි කලේට වැටුනෙ. ඒක මෙතන්ට කොයිතරම් ගැලපෙනවද මංදා, නොගැලපෙනවනම් නොගැලපෙන්නෙ මේ 'කඳුලු' හංදනෙ.

එහෙමයි කියල කොහොමද ඉන්නෙ. ඇඞෙන්න එන්නෙ අඞන්න ඕන හංදනෙ, කටින් කියල තේරුම් කරන්න බැරි උනාම ඇඞෙන්න ආවම, ඒ කඳුලු හිරකරගන්න උනාම පපුවට දැනෙන බරගතිය.... ඒක කීවට තේරෙනවද කාටවත්.

අර පුංචි ලුනු රහ වතුර බිංදු වගේ ඒවට එච්චර බරක්!

ඒක දැනෙන්න හදවතට! කඳුලු ඉපදෙන්නෙ හදවතින්....

හිත රිදුනාම,  තේරුම් ගන්න කෙනෙක් නැති උනාම, ඇස් වලට එන කඳුලු නවත්තගන්න කියද්දි දැනෙන හැඟීම.....

ඒක විඳල තියෙනවද??

ඒක මහ නරක හැඟීමක්.දුකට උපදින කඳුලු හැංඟුවාම ඒක හිරවෙනවා හිතයි,  උගුරයි අතරෙ කොතනහරි... ඒක බොහොම වේදනාකාරී....ඔවු බොහෝම.... හෙමීට ඒක තරහක් වෙන්නෙ ඒ හංද වෙන්නැති.... තරහ කඳුලට වඩා බරයි.... මුලු ලෝකෙටම ඒක බරක්...!

කඳුලු හංඟන්නෙ ඇයි. ඒව වැටුනාවෙ.

හිනාවෙන්න දෙයක් කඳුලුවල කෝ.ඒ වැටෙන්නෙ වචන ගොඩක්..  කීවට නොතේරෙන වචන ගොඩක්.ඒ හංදයි ඒව ඒ තරම් වටින්නේ. පරිස්සමට කම්මුල් වලට වැටෙන්නෙ.

ලැජ්ජයිද අඞන්න. නෑ! හැමෝම බයයි.... හිනාවෙයිද කියලද, දුර්වලයි කියල හිතයිද.... ඒත් කවුරුත් හිතට දෙයිද සැනසීම....?

ප්‍රශ්න...

නෑ! ඒව විසඳෙන්නෑ ඇඩුවට.ඒත් හිතේ බර උහුලගන්න පුංචි හයියක් නෙවේද කඳුලු.

මම කඳුලු වලට ආදරෙයි.....

ඇත්තටම ඕන උනාම හිතේ කාටවත් නොපෙනෙන තැනක ඉදන් ඇස්වලට උනන කඳුලුවල තියෙන්නෙ කාටවත් නොතේරුන හැඟීම්.

Original හැඟීම්....

Original හැඟීම් දැනෙන්නෙ ඒව උපන් හදවතට විතරයි කවුරු මොනවව කීවත්.

ඒවගේ කාටවත් නොතේරෙන හැඟීම් කාගෙත් හිතේ ඇති. එයාලත් කඳුලුවලට ආදරේ ඇති. රහසින්....

මම මගේ කඳුලුවලට ආදරෙයි.

කවුරුහරි ඒවට හිනාවෙයි,  කවුරුහරි බනියි....  ඒත්,  මම ආදරෙයි ඒ කඳුලු දුකට උපන්නත්,  සතුටට උපන්නත්....

ඒ කඳුලු වල තියෙන්නෙ Original හැඟීම්....

3 comments:

  1. ඇත්ත, ගොඩක් අය අඬන්න ලැජ්ජයි, නැත්තන් බයයි. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය. ඒකනෙ පිරිමි අයට හදවත් රෝග වැඩි. අනිත් එක ඔයා කිව්ව වගේ ගොඩක් කාන්තාවො කඳුලු වැරදි විදියට පාවිච්චි කරල ප්‍රයෝජන ගන්න වෙලාවල් තියනව.

    ReplyDelete
  2. අප්පා අඩන එක මාර ගති වැඩක්නේ...

    ReplyDelete
  3. අනුන්ගෙ කඳුඵ වලට අර්ථකතන දෙන්න මිනිස්සු උත්සාහ කළත් ඒක අසාර්ථකයි. අනුන්ගෙ කඳුඵ නිකම්ම කඳුඵ විතරයි. ඒත් තමන්ගෙ කඳුඵ වල තියෙනව ඊට වඩා මහ යමක්. ඒක නම් කරන්න තවම වචනයක් හොයාගෙන නෑ මිනිස්සු.

    ReplyDelete