Monday, July 18, 2011

අහිංසක වෙස්මුහුනු යට.....



හිනාවේ පැහැ පිහදගෙන
බලාපන් කැඩපතින් රුව
සුදුපාට තවරන් දිලෙන ලෙද
ඔය ගලන්නේ සඳරැස්ද තව

කල් ඉකුත්උන මායම්ද.....


වලාකුලු නැතිවාට අද
උඹ මොහොතකට හිනැහියන් තව
උනා බය, හිත  වලකවන
උඹ උඹම වීයන්  හදවතට

අමාවක අද අඳුරු රැය.....


දෙබිඩි හදවත දෙකඩ කර
මඟ වැරදිලා ආ මඟ නොදැන
හිනාවෙන්නේ මුවින් මිස
රුහිරින් පිරුණ ඒ හදවතද

හිත දැනෙන්නේ ඔය නුඹට මිස....


ආවාට පුරවා විසෙන් තව
ආ ගමනෙ කෙලවර පෙනෙන සඳ
දැන් ඉතින් හිනැහීයන් හනික
හෙට අටවකට සලුපිලි පැළඳ

පොඩියකට සනසාගනින් හිත....

1 comment: